නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ත්‍ර්‍රි/කන්/වාන් ඇල මහා විද්‍යාලය
ජීවිතේ අපමණ බාධක මැදින් ..විවිධ අභියෝග මැදින් අනාගතය දිනන්න වෙර දරණ ආදරණීය දුවේ පුතේ..ඔබ වෙනුවෙන් වචන බිඳක් ගොනු කරන්න ලැබීම මා ලද භාග්‍යක් ලෙස මට හැඟේ.මෙවන් දුෂ්කර කාලයක වුව ද ගුරු සිසු සබඳතා ඉහළ නැංවීමටත්..අප අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කොට සුහදත්වය වර්ධනය කිරීමටත් හැකි මෙවන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම කාලීන වශයෙන් ඉතාම වැදගත් කටයුත්කි.ලොව සංවර්ධිත බොහෝ රටවල් ඒ පැමිණි ගමනේ දී අන්තර්ජාලය මගින් ලබා ගත් මෙහෙවර සුළුපටු නොවේ.ඉතිං දුවේ පුතේ..ඔබලා හැමෝමත් හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ තම අනාගත ලෝකය දිනන්නට හැකි දේ උකහා ගැනීමට සහ එවැනි දේ මුදා හැරීමට පමණක් අන්තර්ජාල පහසුකම් හා මෙම වෙබ් පිටුව භාවිතා කරනු ඇතැයි මාගේ අපේක්ෂාවයි.
ආ.එම්.තේමිය අකලංක
නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
ත්‍ර්‍රි/කන්/වාන් ඇල මහා විද්‍යාලය.
නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
ත්‍ර්‍රි/කන්/වාන් ඇල මහා විද්‍යාලය.